මේක දකුණ නොසන්සුන් කරන උතුර රවටන ව්‍යවස්ථාවක්! සුද්දාගේ කාලෙට වඩා විදෙස් අතපෙවීම්! රට ගිනි තබන ව්‍යවස්ථාවට එරෙහිව ජනපති පෙරට!

February 1, 2019 at 4:30 am | by admin

මේ ගෙනත් තියෙන ව්‍යවස්ථාව දකුණේ ජනතාව නොසන්සුන් කරන උතුරේ ජනතාව රවට්ටන ව්‍යවස්ථාවක්. ඔය කතා කරන ව්‍යවස්ථා කෙටුම්පත මම දැකලාවත් නැහැ. අලුත් ව්‍යවස්ථාවක් රටට අවශ්‍යයි. ඒක රටට ගැළපෙන රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ව්‍යවස්ථාවක් විය යුතු යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (31දා) හොරණ ඔලබොඩුවේදී පැවැසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රයිගම්පුර හොරණ ඓතිහාසික ඔලබොඩුව ශ්‍රී ජයවර්ධනාරාම රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ උපෝසථාගාරය සඟසතු කිරීමේ පුණ්‍යෝත්සවයේදීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවැසීය.

එක්දහස් අටසිය ගණන්වලින් පසුව වැඩිම විදේශීය අත පෙවීම් සහ බලපෑම් තිබෙන යුගය මෙය යැයිද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඊට එරෙහි වන විට තමාටත් පහර ගැසීම් සිදුවෙමින් තිබෙන බවට ජනාධිපතිවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

යම්කිසි දේශපාලකයෙක් තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් විදේශ බලවේගවල සහය ලබා ගන්නේ නම් එය මෙරටේ අවාසනාව මෙන්ම රටට කරන බරපතළ ද්‍රෝහීකමක් බවට ජනාධිපතිවරයා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *