රෙදි අලෙවිසැල් හිමියාට සහ බිරිඳට කොරෝනා! මීගමුව වෙළඳ සංකීර්ණය වසා දැමේ!

October 19, 2020 at 3:01 pm | by emanisa.lk

මීගමුව නගර සභාවේ වෙළෙඳ සංකීර්ණය වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබේ. එම වෙළෙඳ සංකීර්ණයේ පිහිටි රෙදිපිළි අළෙවි සැලක හිමිකරුවෙකුට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම ඊට හේතුව බව මීගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් වසන්ත ප්‍රකාශ කරයි.

මෙම ව්‍යාපාරිකයාට සහ ඔහුගේ බිරිඳට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔවුන්ගේ වෙළෙඳ සැලට ආසන්නයේ පිහිටි සෙසු වෙළෙඳසැල් වසා දැමීමට පියවර ගත් බවත් හෙට දිනයේදී එහි සිටි පුද්ගලයින් 100 කට ආසන්න පිරිසකගේ PCR පරීක්ෂණ කිරිමට සැලසුම් කොට තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

මෙම ව්‍යාපාරික ස්ථානයෙන් රෙදි මිල දී ගනු ලැබූ පාරිභෝගිකයින් කවුරුන්ද යන්න සොයා බලමින් සිටින බව පැවසූ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරියා ඔවුන් ද PCR පරීක්ෂණ සඳහා යොමු කිරිමට අවශ්‍ය බව කියා සිටියි.

මෙම ව්‍යාපාරිකයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍යය ද පසුගිය ඔක්තෝම්බර් මස පළමු සතියේ පවත්වා ඇති බවට ද තොරතුරු වාර්තා වී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස