ඇමති රිෂාඩ් බද්යුදීන් මහතාට එරෙහිව යූඇන්පී මන්ත්රී බහුතරය පක්ෂ බව පවසන එජාපයේ අතුරලියේ රතන හිමිට ඊට කැමති එක යූඇන්පී මන්ත්රීවරයකු පෙන්වන ලෙස අභියෝග කරන බව එජාප පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ පවසයි.
අමැතිවරයා වරදක් කර ඇත්නම් තමන් ඊට එරෙහි වන බවත් කිසි වරදක් කර නැති ආණ්ඩුවේ ඇමතිවරයෙකුට එරෙහිව කවුරුවත් ගෙන එන දෙකයි පනහේ විශ්වාසභංගවලට සහයෝගය දැක්වීමට තරම් යූඇන්පී මන්ත්රීවරුන් බංකොළොත් පහත් තත්ත්වයට වැටීිමට සුදානම් නැති බව ද මන්ත්රීවරයා පැවසීය.