රිෂාඩ්ට විතරක් දඬුවම් දීලා ආණ්ඩුව රකින්න අපි සූදානම් නෑ! – ටිල්වින්

May 29, 2019 at 6:48 pm | by admin

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාට පමණක් දඬුවම් ලබා දී ආණ්ඩුව ආරක්ෂා කිරීමේ සැලසුමක් ජනතා විමුක්ති පෙරමුණට නොමැති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසා සිටියි.

වැලිමඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

පසුගියදා ප්‍රහාරයට පළමු වැරදිකරුවන් මේ වන විටත් මියගොස් සිටින අතර දෙවැනි වැරදිකරුවන් වන්නේ ආණ්ඩුව බවත් ඔවුනට දඬුවම් කිරීම සඳහා නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.

ආණ්ඩුව පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැටී ඇති බව තහවුරු කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විශ්වාසභංගයක් ගෙන ආ නමුත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ මැති ඇමතිවරු පිරිසක් ඒ සඳහා දැඩි ලෙස විරුද්ධව ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කරයි.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය පිළිබඳ තම පක්ෂයට කිසිදු ගැටලුවක් නැතත් මේ සඳහා වගකිව යුත්තේ රිෂාඩ් බදියුදීන් පමණක් නොව සමස්ත ආණ්ඩුවම නිසා එම ඇමතිවරයා පමණක් වැරදිකරු කොට ආණ්ඩුව බේරා ගැනීමට තමන් සූදානම් නැති බව ටිල්වින් සිල්වා මහතා ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස