රාවණා පැණියෙන් වරු තුනෙන් කොරෝනා සනීපයි! ඔසුව හැදුවේ ගංජයි උකුසු බිත්තරයි දාලා! – රිටිගල වෙද මහතා….

December 25, 2020 at 10:40 am | by emanisa.lk

තමන් විසින් නිපද වූ කොරෝනා මර්දනය ඔසුවෙන් වරු තුනක් ඇතුළත රෝගීන් සුවපත් වන බව රිටිගල වෙද පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙය සකස් කර ඇත්තේ පරම්පරික ඖෂධ වට්ටෝරුවකින් බවයි.

එහෙත් මෙම ඖෂධය ජනතාවට ලබා දීමට එරෙහිව බලධාරීන් කටයුතු කරන බවත් කකුලෙන් අදින මාෆියාවක් තමන් පසුපස ඇති බවත් ඔහු කියා සිටියි.

නමුත් කොතරම් මඩ ගැසුව ද තමන් පසුබට නොවී ඉදිරියටම යන බව ද ඔහු පැවසයි. මෙම ඖෂධයට ගංජා හා උකුසු බිත්තර ද යොදාගෙන ඇතැයි ඔහු කියා සදහන් කරයි.

ඔහු මෙම අදහස් පළ කළේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස