කෑගල්ලේ කොරෝනා ඖෂධයේ නිවැරදිභාවය වහා තහවුරු කරන්න! – අගමැති වෛද්‍ය සභාවට දැනුම් දෙයි…

December 13, 2020 at 2:00 pm | by emanisa.lk

කොවිඩ් -19 සම්බන්ධයෙන් දේශීය වශයෙන් සොයාගෙන ඇති ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබේ.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහගේ සහ ඉන්දික ජාගොඩගේ මුලිකත්වයෙන් සැකසූ ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීමට නිර්දේශ කර ඇත.

කෑගල්ල ධම්මික බණ්ඩාර වෙද මහතාගේ පැණිය පිළිබඳව පර්යේෂණ පත්‍රිකාවක් රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරන අතර ඒ පිළිබඳව පර්යේෂණ සඳහා මෙ රට සියලුම වෛද්‍යවිද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සපිරි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාව වෙනුවෙන් ජාතික පර්යේෂණ සභාවේ සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල පත්කර තිබේ.

මේ අතර ලෝකයේ කොවිඩ්-19 සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග ගැන හැදෑරීමක් කොට ඒ පිළිබඳ වාර්තාවක් සපයන්න යැයි මෙයට පෙර ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබිණි.

ඒ අනුව සකස් කළ වාර්තාව පදනම් කර ගනිමින් කොවිඩ් -19ට මෙතෙක් සොයා ගෙන ඇති විශිෂ්ටතම එන්නත් වර්ග තුන සම්බන්ධ සී.ඩී.ඒ වාර්තාව ජාතික පර්යේෂණ සභාව විසින් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චිට භාර දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස