කොරෝනා ආසාදිතයන්ට රජයේ රෝහල්වල දේශීය ඖෂධ බෑ! දේශීය ඖෂධ අපට විශ්වාසත් නෑ! – සෞඛ්‍ය අමාත්‍යංශය…

October 29, 2020 at 9:44 am | by emanisa.lk

දේශීය වෛද්‍ය විද්‍යාවෙන් සොයා ගත් ඖෂධ වර්ග රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන කොවිඩ් ආසාදිතයන් සඳහා ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එම ඖෂධ ලබාදෙන්නේ නම් පරීක්ෂණ මගින් ඔප්පු කර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබාගත යුතු බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අදහසයි. එමෙන්ම එම ඖෂධ ලබාදෙන මාත්‍රාව පිළිබඳවද ගැටලුවක් ඇති බව අමාත්‍යාංශය කියා සිටියි.

කෙසේ වෙතත් සෞඛ්‍ය, අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් පැවැසුවේ දේශීය වෛද්‍ය ක්‍රම යැයි සමාජ මාධ්‍යයේ පළවන ප්‍රතිකාර ක්‍රමවේද පිළිබඳව කිසිවක් ප්‍රකාශ කළ නො හැකි බවයි.

එහෙත් කොවිඩ් ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා දේශීය වෛද්‍ය ක්‍රම භාවිත කළ හැකි බව දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස