PCR වෙනුවට මහ පාරෙත් කළ හැකි අලුත් පරීක්ෂණයක්! අඩු කලකින් අඩු වියදමකින් රෝගීන් හඳුනාගන්න සැලසුම්!

October 28, 2020 at 4:33 pm | by emanisa.lk

කොරෝනා රෝගීන් සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස වර්ධනය වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් Rapid Antigen Test නමින් නව පරීක්ෂණයක් හඳුන්වා දී තිබෙන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ ප්‍රකාශ කරයි.

එම පර්යේෂණය පරීක්ෂණාගාර තුළ පමණක් නොව එළිමහනේ වුවද කළ හැකි බව පෙන්වා වෛද්‍ය ජයසිං එය පී.සී.ආර් පරීක්ෂණයට වඩා ඉතා අඩු වියදමින් එනම් 1/8 වියදමකින් කළ හැකි බව ද සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් විශේෂඥ කමිටුවක නිර්දේශ ලබා ගෙන තිබෙන අතර ඒ අනුව එක් නිෂ්පාදනයක් ලියාපදිංචි කර තිබේ.

මේ වන විට පී.සී.ආර් පරීක්ෂණ ධාරිතාව මෙරට සෞඛ්‍ය අංශ වෙත දරාගත නො හැකි මට්ටමෙන් ඉහළ ගොස් ඇති බැවින් ඊට විසඳුමක් ලෙස Rapid Antigen Test පරීක්ෂණය හඳුන්වා දෙන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය කමල් ජයසිංහ වැඩිදුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස