රාජිත හැංඟිලා හිටියේ චන්ද්‍රිකාගේ ටොරිංටන් නිවසේ! පපුවේ අමාරුව හැදුණේ චන්ද්‍රිකාලගේ ගෙදර ඉඳලා!

December 28, 2019 at 8:16 am | by emanisa.lk

අධිකරණයෙන් වරෙන්තු නිකුත් වී තිබියදී හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න දින දෙකක් පුරා සැඟව සිට ඇත්තේ කොළඹ 7 නිදහස් මාවතේ පිහිටි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගගේ නිල නිවසේ බවට තොරතුරු හෙළිවී ඇත.

එහි සිට අව් කන්නාඩි පැළඳ කැප් තොප්පියක් පැළඳ කළු පැහැ රථයකින් හිටපු ඇමතිවරයා නාරාහේන්පිට ලංකා පෞද්ගලික රෝහලට පැමිණ තිබේ. ඒ හෘදයාබාධයක් වැළඳුණු බව ප්‍රකාශ කරමිනි.

මෙම තොරතුරු හෙළිකළේ ජඹුරේවෙල චන්ද්‍රරතන හිමි මාධ්‍ය හමුවක් කැඳවමිනි.

කෙසේ වුවද ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ අධිකරණය වරෙන්තු නිකුත් කළ පුද්ගලයකුට සැඟව සිටීමට උපකාර කරන අයට ද එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස