රාජ්‍ය සම්පත් විකිණීම අපේ ප්‍රතිපත්තිය නෙමෙයි! මත්තල ගුවන්තොට කාටවත් දෙන්නේ නෑ! – මහින්ද මෝදිට කියයි….

February 16, 2020 at 9:50 am | by emanisa.lk

පසුගිය රජය යෝජනා කර තිබූ ආකාරයට මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට හෝ වෙනත් රටකට පැවරීමේ අදහසක් නැති බව අගමැති මහින්ද රාජපක්ෂ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දැන්වා තිබේ.

වත්මන් රජයේ ප්‍රතිපත්තිය රාජ්‍ය සම්පත් අන්සතු කිරීම නොවන බව පවසා ඇති අග්‍රාමාත්‍යවරයා වත්මන් රජය පෞද්ගලිකකරණයද ප්‍රතික්ෂේප කරන්නේ යැයි සඳහන් කර තිබේ.

පසුගිය රජය කාලයේ මත්තල ගුවන්තොටුපොළ රැක ගැනීමේ සටනට ගොස් සිය පක්ෂයේ මන්ත්‍රීන් ගණනාවකට සිරගත වන්නටද සිදුවූ බව පවසා ඇති රාජපක්ෂ මත්තල ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද ඉන්දීය නායකයාට අවධාරණය කර තිබේ.

එහිදී අගමැති මෝදිත් විදේශ අමාත්‍ය ජයශංකරුත් මත්තල ඉතා හොඳ ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙස සංවර්ධනය කිරීමට නව ගුවන් සේවා කැඳවා ගැනීම අත්‍යවශ්‍ය බව පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස