ආණ්ඩුව රාජ්‍ය සම්පත් විකුණන්න පටන් ගත්තා! කොළඹ අක්කර 03 ඉඩකමක් සිංගප්පූරුවට කෝටි 700කට බදු දුන්නා! – ජවිපෙ

January 3, 2020 at 8:17 am | by emanisa.lk

වර්තමාන ආණ්ඩුවත් ජනවරමට පයින් ගසා රාජ්‍ය සම්පත් විකුණා දැමීම ආරම්භ කර තිබෙන බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

මේ අනුව බේරේ වැව හා ෂැන්ග්‍රිලා හෝටලය අතර තිබෙන අක්කර තුනක ඉඩම රුපියල් කෝටි හත්සිය අසූවකට (780) සිංගප්පූරු සමාගමකට බදු ලබාදීමට සැලසුම් කර තිබෙන බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සඳහන් කරයි.

මීට අමතරව මත්තල ගුවන්තොටුපල ලබාදීමට විදේශීය ආයෝජකයින් සොයමින් සිටින බවද ඊයේ (02) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.

රනිල් මෛත්‍රී ආණ්ඩුවත් මෙම ඉඩම අදාළ සංගප්පූරු සමාගමට විකුණා දැමීමට සැලසුම් කළත් ජනතා විරෝධය නිසා එය යටගොස් තිබූ බවද පවසා සිටියේය.

රටේ සම්පත් ආරක්ෂා කරන බවට හා පසුගිය ආණ්ඩුව විසින් විදේශිකයන්ට ලබාදුන් රාජ්‍ය සම්පත් නැවත ගන්නා බවට වර්තමාන ආණ්ඩුව මැතිවරණ සමයේදී ජනතාවට පොරොන්දු ලබාදුන් බවත් එහෙත් බලයට පත්වී මාස දෙකක් ගතවන විට විකිණීම ආරම්භ කර තිබෙන බවද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස