අමාත්‍යාංශ ඇතුළු රජයේ ආයතනවල විවිධ උත්සව කටයුතු විශාල ලෙස මුදල් ගෙවමින් හෝටල්වල පැවැත්වීම උපරිම ලෙස අඩුකිරීමට ආණ්ඩුව උපදෙස් දී ඇත.
ඒ අනුව එවන් කටයුතු අදාළ ආයතනයේ සම්මන්ත්රණ ශාලාවල හෝ රජයේ ශ්‍රවණාගාරවල පමණක් සිදු කිරීමට කටයුතු යොදන ලෙස දැනුම් දී තිබේ.
මෙම පියවර ගෙන ඇත්තේ රාජ්‍ය ආයතනවල අනවශ්‍ය වියදම් කපා හැරීමට ආණ්ඩුව ගෙන ඇති තීන්දුව අනුවය.
එමෙන්ම විශාල ලෙස මුදල් වැය කරමින් රජයේ ආයතන පවත්වන ප්‍රියසම්භාෂණ ද ඉදිරියේදි තහනම් කිරීමට ආණ්ඩුවේ අවධානය යොමුව ඇතැයි වාර්තා වෙයි.