රජයේ මුදලින් දිනපොත් කැලැන්ඩර් ගැසීම තහනම්! මඩි තර කරන ගොඩනැඟිලි කුළියට ගැනීමටත් තිත!

December 9, 2019 at 11:37 am | by emanisa.lk

ඒකාබද්ධ අරමුදලේ හෝ වෙනත් කිසිදු ව්‍යවස්ථාපිත අරමුදලක මුදල් උපයෝගී කරගනිමින් ලබන වසර සඳහා දිනපොත් හා කැලැන්ඩර් මුද්‍රණය නොකරන ලෙස රජය සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

මහා භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගලගේ අත්සනින් යුතුව සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් / පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් / දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන් වෙත නිකුත් කරන ලද චක්‍රලේඛයක එය සඳහන් වෙයි.

ජනතාවට මෑතකාලීනව දුන් බදු සහන හමුවේ අත්‍යවශ්‍ය නොවන සහ ප්‍රමුඛතාවෙන් අඩු වියදම් කපාහරින ලෙසටද එමඟින් දැනුම් දී තිබෙන අතර වාහන / ගමන් බිමන් / ගොඩනැගිලි පහසුකම් වැනි දෑ ඊට යටත්වෙයි.

නව වාහන මිළදී ගැනීම් / කාර්යාල උපකරණ මිළදී ගැනීම් සහ ගොඩනැගිලි කුළියට ගැනීම කිසිදු අයුරකින් සිදු නොකළ යුතු බවද මහා භාණ්ඩාගාරය නිකුත් කල චක්‍රලේඛයේ තවදුරටත් දැක්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස