සිය වැටුප් ගැටලුව විසඳීමට ආණ්ඩුව මැදිහත් නොවී තව දුරටත් කල් අරින්නේ යැයි කොටුවේ විරෝධතාවක නිරත වී සිටින ආබාධිත රණ විරුවෝ ආණ්ඩුවට චෝදනා කරති.
දින ගණනාවක් තිස්සේ ජීවිතාන්තය දක්වා වැටුප් ලබා දෙන ලෙස ඉල්ලා මෙම ආබාධිත රණ විරුවන් පිරිස කොටුවේ විරෝධාතාවක නිරත වන්නේ දැඩි වර්ෂාව මැද්දේය.
කෙසේ වුවද ජනාධිපතිවරයා මෙයට මාස කිහිපයකට පෙර සියලු ආබාධිත රණවිරුවන්ට ජීවිතාන්තය දක්වා වැටුප් ලබා දෙන බවට ප්රතිඥා දුන්නේය.