රට විවෘත කළාම සැහැල්ලුවට ගත්තා වැඩියි! බොහෝ පිරිස් සීමාව ඉක්මවා කටයුතු කළා! – සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්

July 12, 2020 at 9:41 am | by emanisa.lk

කොරෝනා වසංගත තත්ත්වය ලොව පුරා ව්‍යාප්ත වන විට රට වසා දමා පැවති සමයේ ජනතාව මෙන්ම බොහෝ ආයතන ද ප්‍රශස්ත ලෙස හැසිරුණ බව රජයේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ පවසයි.

කෙසේ වුවද ජන ජීවිතය සහ ආර්ථික ජීවිතය නැවත යථා තත්ත්වයට පත් කිරීමට රට විවෘත කළ පසු වසංගතයේ අවදානම අප සැහැල්ලුවට ගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කරයි.

රට පුරා මතු වූ 30කට අධික පොකුරු නිවා දමමින් ප්‍රශස්ත ලෙස කොරෝනා අවදානම පාලනය කරගත හැකි වූයේ ජනාධිපතිතුමාගේ මගපෙන්වීම මත රටේ සෞඛ්‍ය අංශ ඇතුළු අනෙකුත් ආයතන ද මහ ජනතාව ද වගකීමෙන් කටයුතු කළ නිසා බව ඔහු පෙන්වා දෙයි.

එහෙත් නැවත රට විවෘත කිරීමේ දී ඇතැම් රාජ්‍ය සහ නොවන ආයතන ද ඇතැම් පිරිස් සහ දේශපාලන පක්ෂ ද සීමාව ඉක්මවා යමින් කටයුතු කිරීම හානිකර වූ බව අනිල් ජාසිංහ සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස