රට වනසන කටුපොල්වගා කළ ඉඩම් අපට දෙන්න! අපි රට සශ්‍රීක කරන්න සූදානම්! – ගාල්ලේ ජනතාව ජනපතිට කියයි….

July 23, 2020 at 10:52 pm | by emanisa.lk

රටේ කටුපොල් වගාවට යටකර ඇති ඉඩම් නැවත රජයට පවරා ගෙන සුළු අපනයන භෝග වගා කිරීම සඳහා තමන්ට ලබා දෙන්නැයි ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ගාලු දිස්ත්‍රික් අපේක්ෂක සම්පත් අතුකෝරළ අද (23) නෙළුව ප්‍රදේශයේ සංවිධානය කළ ජනහමුවකට එක් වූ ජනාධිපතිවරයාගෙන් ජනතාව මෙම ඉල්ලීම කළේය.

එහිදී ජනාධිපතිවරයා විමසා සිටියේ ඔබලාට ඉඩම් ලබා දුනහොත් වගා කරන්නේ ද යන්නය. එහිදී ජනතාව සඳහන් කළේ තමන් වගා කිරීමට සූදානම් බවත් ඒ සඳහා ඉලක්ක ලබා දෙන ලෙසත්ය.

එහදී තවත් පිරිසක් ඉල්ලා සිටියේ හොඳ ආදායමක් ලබාගත හැකි කිතුල් කර්මාන්තය කරගෙන යාමට අවශ්‍ය නීතිමය පදනම සකසා දෙන ලෙසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස