කටුපොල් මාරයාට එරෙහිව රට වෙනුවෙන් සටන් වැදුණු චන්ද්‍රජෝති හිමිට ඇප දෙන්නත් පොලිසිය සහ වතු සමාගම් එරෙහි වෙයි!

September 3, 2019 at 4:43 pm | by emanisa.lk

කටුපොල් මගින් සිදුවන පාරිසරික විනාශයට එරෙහිව ජනතාව දැන්වත් කරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ කටුපොල් වගා ව්‍යාපාතියට එරෙහිව ජනතාව සමග එක්ව හඩ නගමින් ක්‍රියාකාරිව සිටියදී පසුගියදා අත්අඩංගුවට ගෙන සිටි අඳුරත්විල චන්ද්‍රජෝති හිමි අද (03) ඇප මත නිදහස් කර තිබේ.

කටුපොල් වගාකරන ආයතනයක් වන නමුනුකුල ප්ලාන්ටේෂන් සමාගම් බලධාරින් විසින් කළ පැමිණිල්ලකට අනුව, ඒ හිමියන් අත්අඩංගුවට ගෙන පසුගියදා (27) බද්දේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පසු අද දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි. මේ පිළිබඳ නඩුව නැවත දෙසැම්බර් 17 විභාග වීමට නියමිතව තිබේ.

චන්ද්‍රජෝති හිමිට අද දින ඇප ලබා නොදී සිටින පරිදි කටයුතු සැලැස්වීමට බද්දේගම පොලීසිය සහ ආර්පිකෝ සමූහ ව්‍යාපාරයේ නමුනුකුල ප්ලාන්ටේෂන් සමාගම් බලධාරින් විශාල පරිශ්‍රමයක් දරා තිබේ.

අදාළ සමාගමේ උපදෙස් පිට බද්දේගම පොලිසිය මෙම වතු සමාගම රජයේ දේපළක් ලෙස නම් කිරීමට හැකියාවක් පවති ද යන්න බද්දේගම ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් පවා විමසා තිබේ.

නමුනුකුල ප්ලාන්ටේෂන් රජයේ දේපළක් ලෙස නම් කිරීම හරහා රාජ්‍ය දේපළවලට අලාභානි කිරීමේ චෝදනා එල්ල කොට චන්ද්‍රජෝති හිමි ඇප ලබා නොදී තවදුරටත් සිරගත කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස