ජනපති ගෝඨාභය ඉන්දියානු සංචාරයට පෙර ඓතිහාසික තීන්දුවක් ගනී! රටට මහා පිළිකාවක් වූ කටුපොල් වගාව තහනම් කරයි!

November 28, 2019 at 11:35 pm | by emanisa.lk

වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාව තුළ කටුපොල් වගාව නතර කිරීමට කැබිනට් මණ්ඩල රැස්වීමේදී තිරණය කළ බව තමාට දැනුම් දි ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ පවසයි.

හෙතෙම මේ බව කියා සිටියේ අද(28) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දිස්ත්‍රික් පරිසර කමිටුවේදී අදහස් දක්වමිනි.

කටුපොල් වගාව නතර කිරීම සඳහා කැබිනට් මණ්ඩලය විසින් තීරණය කර ඇති බැවින් මින් ඉදිරියට දිස්ත්‍රික්කය තුළ කටුපොල් වගා කරන්නන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට බාධාවක් නොමැති බව මෙහිදී දිස්ත්‍රික් ලේකම්වරයා විසින් පැමිණ සිටි පොලිස් නිලධාරීන්ට දන්වා සිටින ලදී.

එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් පවසා සිටියේ මේ සම්බන්ධව ක්‍රියාත්මක වීම සඳහා ගාල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ඇතුළු අදාල නිලධාරීන් වෙත මෙම තීරණය දැනුම් දෙන බවය.

කටුපොල් වගාවෙන් සිදුවන පරිසර හානිය සම්බන්දව මහජනතාවගෙන් සහ විවිධ පාරිසරික සංවිධාන මගින් දැඩි විරෝධයක් එල්ලවුණු අතර නිශ්චිත තීරණයක් ‍නොලැබීම හේතුවෙන් පසුගිය කාලයේ දිස්ත්‍රික්කය පුරා බොහෝ ගැටලු ඇති විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස