රට වනසන කටුපොල් වගාව තහනම්! විකල්ප භෝග හඳුන්වා දෙයි!

December 12, 2019 at 3:16 pm | by emanisa.lk

කටුපොල් වගාව ශ‍්‍රී ලංකාවෙන් ඉවත් කිරීමට මූලික කටයුතු දැන් ආරම්භ කර ඇතැයි පරිසර රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර පවසයි.

කටුපොල් වගාවෙන් සිදුවන පාරිසරික හානි සහ ඒ නිසා ඇතිවන සෞඛ්‍ය තර්ජන ද සැලකිල්ලට ගෙන මෙම පියවර ගන්නා බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔහු වැඩිදුරටත් පෙනවා දුන්නේ යම්කිසි සමාගමක් හිතුවක්කාරී ලෙස කටුපොල් වගාවේ නිරත වන්නේ නම් නීති විරෝධී එම ක්‍රියාව නතර කිරීමට පියවර ගන්නා ලෙස පොලිසියද දැනුම්වත් කරන බවයි.

ඉවත් කරන කටුපොල් වගාව වෙනුවට විකල්ප බෝග හඳුන්වාදීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මෙහිදී අනාවරණය කළේය.

කටුපොල් වගාව නිසා මතුව ඇති පාරිසරික ගැටලු නිසා එම වගාවට එරෙහිව පසුගිය සමයේ දැඩි විරෝධයක් පැන නැඟිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස