රට අරාජික කළ 19 අහෝසි කරන 20 පළමු කැබිනට් හමුවට! ජනපති නිල කාලය වසර 5යි! වාර ගණන 02යි!

August 14, 2020 at 10:21 pm | by emanisa.lk

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් නිර්මාණය වූ ව්‍යාකූලතා ඉවත් කිරීම සඳහා 20 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා වන සංකල්ප පත්‍රිකාවක් පළමු කැබිනට් මණ්ඩල රැස්වීමටම ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසයි.

එය නව රජයේ ඉහළම ප්‍රමුඛතාවක් ලෙස සලකා කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තමාට උපදෙස් දුන් බවත් ඔහු ප්‍රකාශ කරයි.

කෙසේ වුවද ජනාධිපතිවරයාගේ නිල කාලය 19 වන සංශෝධනයෙන් ආකාරයටම අවුරුදු පහකට ද ජනාධිපති ධුරය දැරිය හැකි වාර ගණන 02කට ද සීමා කිරීමට තීන්දු කර තිබේ.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ආ පසුගිය යහපාලන ආණ්ඩුවේ ප්‍රධානීන්ම එය අහෝසි කළ යුතු බව පසුගිය කාලයේ වරින් වර ප්‍රකාශ කළ අතර 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා වත්මන් ආණ්ඩුව 2/3ක ජනවරමක්ද ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස