රටේම බස් ලොරි දුවන්නේ භූමිතෙලින්! ඛනිජ තෙල් සංස්ථාව පාඩු ලබන්නේ ඒකයි! – මහින්ද අමරවීර

December 13, 2019 at 11:01 pm | by emanisa.lk

ලංකාවේ ධාවනය වන බස් සහ ලොරි රථ විශාල ප්‍රමාණයක් මේ වන විට ධාවනය කරන්නේ භූමිතෙල්වලින් බව ඇමති මහින්ද අමරවීර පවසයි.

මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව භූමිතෙල් ලීටරයක් අලෙවි කරන්නේ රු. 20ක් පාඩු ලබමිනි. ඒ දිළිඳු ජනතාව වෙනුවෙනි.

එහෙත් මේ වන විට 100%ක් විදුලිය ලබා ගෙන ඇති පසුබිමක විශාල ඛනිජ තෙල් ප්‍රමාණයක් අලෙවි වන්නේ බස් සහ ලොරි රථ එමගින් ධාවනය කිරීම නිසා බවත් ඊට එරෙහිව නීති මාර්ගයෙන් කටයුතු කරන බවත් හෙතෙම පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස