රටට එරෙහි බලවේග සියල්ල එක මිටට පරාජය කරනවා! – බැසිල්

September 9, 2019 at 4:49 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී පරිසර හිතකාමී දේශීයත්වයට සරිලන මැතිවරණ ව්‍යාපාරයක් දියත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බලාපොරොත්තු වන බව එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි.

නියමිත දින වකවානුවලට අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට මැතිවරණ කොමිසම පියවර ගනු ඇතැයි විශ්වාස කරන බවද ඔහු සඳහන් කළේය.

ආණ්ඩුව ඉඩම් හා විවිධ බඩු මුට්ටු බෙදා දීම මගින් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ පරිසරය විනාශ කර දැමීම වැළැක්වීමට හැක්කේ එමගින් බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ වන විටත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති හෙයින් ද ජනතාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සිටින බැවින් ද රටට එරෙහි බලවේග සියල්ල පරාජය කිරිමේ හැකියාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇතැයි ද එහිදී බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේය.

කටුනායක (07) පැවති දේශපාලන ක්‍රියාකාරිකයින්ගේ හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස