රංජන්ගේ දුරකතන සංවාද ලීක් කළේ පොලිසිය නෙමෙයි! – අධිකරණය අල්ලේ නැටවූ රංජන් කොටු කළ සුපිරි මෙහයුම මෙන්න…

January 7, 2020 at 10:17 pm | by emanisa.lk

රංජන් රාමනායකගේ ආන්දෝලනාත්මක දුරකතන සංවාද දැනට මාධ්‍ය වෙත මුදාහැර ඇත්තේ ඔහුගේ නිවසින් පොලිස් අත්අඩංගුවට ගත් දුරකතන සංවාද ඇතුළත් සීඩී සහ හාර්ඩ් ඩිස්ක්වල දත්ත තෙවන පාර්ශවයක් වෙත මුදා හැරීමෙන් නොවන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසයි.

අද (07) පැවති පිවිතුරු හෙළ උරුම මාධ්‍ය හමුවේ දී ඔහු මේ බව සඳහන් කළේය.

“පොලිස් අත්අඩංගුවට පත් වුණු රන්ජන්ගේ දුරකතන සංවාද මාධ්‍යයට ආවේ කොහොමද කියලා සමහරු ප්‍රශ්න කරනවා මම දැක්කා. ඒවා පොලිසියට දුන් පුද්ගලයාම තමයි සමාජ ජාලාවලට මුදා හැරියේ. ඒ වගේම විවිධ සංවිධාන සහ දේශපාලකයින්ට ලබා දුන්නේ.

රන්ජන් සෑම දුරකතන ඇමතුමක්ම ස්වයං පටිගත වන ඇප් එකක් දුරකතනයේ දාගෙන ඉන්නේ. දුරකතනයේ ඉඩ මදි වුණාම දුරකතනයේ තිබෙන සංවාද හාඩ් ඩිස්ක් වලට සීඩී තැටිවලට පිටපත් කරලා අරන් තියනවා. මේ වැඩේ කරලා දෙන මිත්‍රයෙක් තමයි සියල්ල පිටපත් කරලා පොලිසියට ලබා දෙන්නේ.

මේ පුද්ගලයා මේ සංවාද කලින් හෙළිදරව් නොකළේ එහෙම කළා නම් රංජන් රාමනායක ඔහු සතුව තියෙන මුල් පිටපත් විනාශ කළා නම් මේ මහා අපරාධය, අධිකරණයට හා විරුද්ධවාදී දේශපාලකයන්ට සිදු වූ අපරාධය ලොවට හෙළිදරව් කරගන්න බැරිවෙනවා.

ඒ නිසා පොලීසිය විසින් මුල් පිටපත් අත් අඩංගුවට ගන්නා තුරු මේවා ප්‍රසිද්ධ කළේ නෑ. මේ සංවාද අඩංගු තැටි අත්අඩංගුවට ගන්න තමයි පොලිසිය ගේ වට කරන්නේ. නිල් චිත්‍රපට සහ බලපත්‍ර නැති පිස්තෝලය පරික්ෂාවේ දී සොයා ගත් අතුරු සිල්ලර කාරණා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස