බීමත්ව රිය පදවා අනතුරක් සිදුකළ ලාල් කාන්ත අත්අඩංගුවට!

March 1, 2019 at 8:45 pm | by admin

ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.ඩි. ලාල් කාන්ත පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අනුරාධපුරයේ දී ලාල් කාන්ත පැදවූ ඩබල් කැබ් රථය යතුරු පැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එහදී කාන්තාවන් දෙදෙනකු තුවාල ලබා ඇත.

ඒ අවස්ථාවේ ලාල් කාන්ත රථය පදවා තිබූ අතර ඔහු මත්පැන් පානය කොට තිබූ බව අනාවරණය වූ බව පොලිසිය පවසයි.

මීට පෙර ජවිපෙ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ද මත්පැන් පානය කර රිය අනතුරක් කළ බවට චෝදනා ලැබුව ද ඔහු එම චෝදනාවෙන් මිදුණේ බීමත් අයකු තමා සිප ගත් නිසා තමා වෙතින් මත්පැන් ගඳක් වහනය වූ බව පවසමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *