යාපනය ප්‍රදේශයේ පවුල් හතකට අයත් 19 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට එහි සෞඛ්‍ය බලධාරීන් විසින් කටයුතු කර ඇත.
ඉන්දියාවේ සිට මෑතකදී යාපනයට පැමිණි සාරි වෙළෙන්දකු ආපසු ඉන්දියාවට ගිය පසු කොරෝනා ආසාදිතයෙකු යැයි තහවුරු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
නිරෝධායනයට ලක් කරන ලද පිරිස් සඳහා ඉදිරියේදී කොරෝනා පරීක්ෂණ සිදු කිරීමට නියමිතය. මෙම පිරිස අදාළ වෙළෙන්දාගෙන් සාරි මිලයට ගත් වෙළෙන්දන් සහ පවුල්වල සාමාජිකයෝය.
යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය විසින් අදාළ ව්‍යාපාරිකයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු කර තිබේ.