කොරෝනා රෝගීන් යැයි නාවික සෙබළෙකුගේ පියාට සහ සොහොයුරාට පහර දීලා! කළගුණ නොදත් නරුමයන් අල්ලන්න පොලිස් මෙහෙයුම්!

May 1, 2020 at 2:09 pm | by emanisa.lk

වාරියපොළ නෑටිය ප්‍රදේශයේදී ඊයේ (30) රාත්‍රි නාවික හමුදා සාමාජිකයෙකුගේ පියාට සහ සොයුරාට පහර දීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වාරියපොළ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.

පහර දීමෙන් තුවාල ලැබූ ඔවුන් දෙදෙනා ප්‍රතිකාර සඳහා වාරියපොළ දිසා රෝහලට ඇතුළත් කර තිබේ.

යාපනය නාවික හමුදා කඳවුරක සේවය කරන වාරියපොළ නෑටිය පදිංචි තම පුතුගේ සිඟිති දරුවාගේ අසනීපයකට අවශ්‍ය ඖෂධයක් රැගෙන පැමිණි අවස්ථාවෙිදි ඔවුන් කොරෝනා  වෛරසය ආසාදිතයන් යැයි සැක  කරමින් එම පහර දීම සිදුව ඇතැයි වාර්තා වේ.

පහරදීමට ලක්වූ පියපුතු දෙපළ ගනේවත්ත පදිංචිකරුවන් වේ.

එම නාවික හමුදා සාමාජිකයා මෑතකදී තම නිවසට පවා පැමිණ නැති බවද ඔහු කොරෝනා වයිරසය ආසාදනය වූවෙකු බවට තොරතුරු ලැබී නැති  බවද පොලීසිය කියයි .

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස