පාසල් නිවාඩුව අප්‍රේල් 20 දක්වා දිගුවෙයි!

March 12, 2020 at 2:44 pm | by emanisa.lk

⁣කොරෝනා ⁣වෛරස් රෝග අවධානම නිසා සියලු පාසල් හෙට (13) සිට අප්‍රේල් 20 දක්වා වසා දැමීමට රජය තීරණය කර තිබේ.

අධ්‍යාපන ඇමතිවරයා මේ බව පවසා තිබේ. කොරෝනා අවධානම නිසා තවත් රටවල් ගණනාවක පාසල් වසා දමා තිබේ.

මෙයට පෙර වාර්තා වූයේ මාර්තු 26 දක්වා පාසල් වසා තබන බවය. කෙසේ වුවද ළමුන්ගේ ආරක්ෂාව සඳහා පාසල් පමණක් නොව උපකාරක පන්ති ද වසා දැමිය යුතු බවට අදහස් පළ වී තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස