යාපනේ ලෙඩ සුවකරන දේව මෙහෙයට ගිය 7කට කොරෝනා! ලෙඩ හොඳකරගන්න ගිය 200ක් තවම හැංගිලා!

April 5, 2020 at 1:08 pm | by emanisa.lk

කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැකපිට යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු තවත් රෝගීන් තිදෙනෙකුට එම වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී තිබේ.

ඒ අනුව යාපනයෙන් පුද්ගලයින් 07 දෙනෙකුට මේ වන විට කොරෝනා වැළඳී ඇති බව හඳුනාගෙන ඇතැයි යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ටී. සත්‍යමූර්ති පවසයි.

අදාළ රෝගීන් 7 දෙනා පළමුව එක් අයෙකුත් දෙවනුව හා තෙවනුව රෝගීන් තිදෙනා බැගින් වාර්ථා ඇත. එම රෝගීන් 07 දෙනාම කොරෝනා වැළඳුණ ස්විට්සර්ලන්ත දේවගැතිවරයාගේ දේව මෙහෙයට සහභාගී වූවන්ය.

යාපනේ අරියාලෙයි ප්‍රදේශයේ ස්විස් දේවගැතිවරයා විසින් පවත්වන ලද දේව මෙහෙය වෙනුවෙන් වව්නියාව, මන්නාරම, හා යාපනය යන දිස්ත්‍රීක්කවලින් පුද්ගලයින් 300 කට ආසන්න පිරිසක් සහභාගී වී ඇත. කෙසේ වුවත් ඉන් 200 කට ආසන්න පිරිසක්ම නිරෝධායනය නොවී සැඟව සිටිනා බවට උතුරේ සෞඛ්‍ය නිලධාරීහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස