යහපාලන දූෂණ විරෝධී කමිටුවේ නියෝග අනුව කළ රණවිරු දඬයම ගැන මම කනගාටු වෙනවා! – පූජිත්

September 24, 2020 at 12:24 am | by emanisa.lk

යහපාලන රජය පිහිටුවා ගත් දූෂණ විරෝධී කමිටුව දුන් නියෝග මත සිට තමා ක්‍රියා කළ බව වැඩ තහනමට ලක් වූ පොලිස්පති පූජිත් ජයසූන්දර පවසයි.

ඒ නිසා තම සහෝදර නිලධාරීන්ය සිදු වූ පීඬා පිළිබඳ තමන් කනගාටු වන බවත් හෙතෙම පාපෝච්චාරණය කළේය.

විදෙස් බලපෑම් මත යහපාලන ආණ්ඩුව ත්‍රිවිද හමුදා නිලධාරීන් අත්අඩංගුවට ගනිමින් සිදුකළ පීඬා පිළිබඳ තමා කිසිසේත් සතුටු නොවන බව ද ඔහු අවධාරණය කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ අද (23) සාක්ෂි දෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, රාජිත සේනාරත්න, පාඨලී චම්පික දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ඇතුළු පිරිසක් දූෂණ විරෝධී කමිටුවේ සාමාජියෝ වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස