යහපාලන ආණ්ඩුව හතේ පොතෙන් උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කරයි!

December 25, 2019 at 6:20 pm | by emanisa.lk

පසුගිය ආණ්ඩුව පහ ශ්‍රේණියේ ඉංග්‍රීසි පෙළ පොතෙන් රටේ ඓතිහාසික උරුමයන් විකෘති කොට ඇති බවටත්, පළාත් පිළිබඳ වැරදි අවබෝධයක් ලබා දී ඇති බවටත් ජාතික උරුමයන් සුරැකිමේ මහා සම්මේලනය චෝදනා කරයි.

පසුගිය වසරේ පාසල්වලට බෙදා දීමට මුද්‍රණය කර ඇති ඉංග්‍රීසි පොතෙහි තුන්වන පිටුවේ ලංකාවේ පළාත් 7ක් පාට 7කින් පැහැදිලිව නම් කර ඇති බවත් උතුරු නැගෙනහිර පළාත් 2ම එක පාටකින් පාට කර ඇති බවත් එම සංවිධානය පෙන්වා දෙයි.

එහි නියෝජිතයන් මේ බව ප්‍රකාශ කළේ ලිංගික අධ්‍යාපනය ලබාදීම සඳහා බව පවසමින් ළමා මනස දුෂණය කරන ග්‍රන්ථයක් පසුගිය ආණ්ඩුව සමයේ 7 ශ්‍රේණියේ සිසුන් හට බෙදා හැර ඇති බවට පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් ඊයේ අනාවරණයක් කළ පසුබිමකය.

උතුරු නැඟෙනහිර ඒකාබද්ධ කිරීම දෙමළ ජාතික සන්ධානය ඇතුළු බෙදුම්වාදීන්ගේ ප්‍රධාන ඉල්ලීමකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස