සිසුන්ගේ ආරක්ෂාව සඳහා කළ ඉල්ලීමට අවනත නොවූ මුස්ලිම් ගුරු පිරිසට ආණ්ඩුකාර සාලි මාරුවීම් දෙයි!

May 10, 2019 at 11:02 am | by admin

අවිස්සාවේල්ල පුවක්පිටිය දෙමළ මහා විද්‍යාලයේ මුස්ලිම් ගුරුවරියන් 12 දෙනෙකු සහ ගුරුවරයෙකු අසාද් සාලි විසින් හදිසියේ මාරු කිරීම නිසා පාසලේ දරුවන් දැඩි අපහසුතාවට පත්ව ඇතැයි වාර්තා වෙයි.

පාස්කු ප්‍රහාරයට පසු ඇති වූ අනාරක්ෂිත වාතාවරණය තුළ සම්පූර්ණ සිරුර වැසෙන ඇඳුම් වෙනුවට සාරිය හැඳ පාසලට පැමිණෙන ලෙස ඉල්ලා සිට ඇති අතර මේ පිරිස ඊට එරෙහි වී තිබේ.

එපමණක් නොව අවිස්සාවේල්ල පොලිසියට අනුයුක්ත කාන්තා පොලිස් නිලධාරිනියට හෝ සිසුන් සහ ගුරුවරුන් පරික්ෂා කළ දෙමාපිය පිරිසට ද ඔවුන් පරික්ෂා කිරීමට ඉඩ ලබා දී නැත.

අනතුරුව මේ පිරිස බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි හමු වී ඇති අතර ඔහු විසින් මේ පිරිස ක්ෂණිකව වෙනත් පාසල්වලට මාරු කර ඇත්තේ මෙම පාසලට ගුරු පිරිසක් අනුයුක්ත කර නොවේ.

අසාද් සාලි පවසන ආකාරයට ඔහු අන්තවාදියකු නොවන්නේ නම් ගුරු පිරිසට සාරිය ඇඳගෙන පාසලට යන ලෙස අවවාද කළ යුතු වුවද ඔහු කර ඇත්තේ අන්තවාදයට උඩගෙඩි දෙමින් එය සාධාරණීකරණය කරමින් පිරිස වෙනත් පාසල්වලට මාරු කිරීමය.

ආණ්ඩුකාරයෙකුට මේ ආකාරයට අත්තනෝමතික ලෙස ගුරුවරුන් මාරු කළ හැකි ද යන්න පවා ගැටලුවකි. ජනාධිපතිවරයා විසින් මෙම පුද්ගලයා ආණ්ඩුකාර ධුරයට පත් කිරීමට ඔහු රනිල් වික්‍රමසිංහගේ පස මිතුරෙකු වීම හැර කිසිම හේතුවක් නැත.

ආණ්ඩුකාරවරයාගේ මෙම වර්ගවාදී ක්‍රියාවට එරෙහිව පුවක්පිටිය මහ විද්‍යාලයේ දෙමාපියන් ඊයේ (090) පාසල ඉදිරියේ නිහඬ විරෝධතාවක නිරත විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස