ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කර තිබිය දී විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව ප්රජාතන්ත්ර විරෝධි නිවට නින්දිත යෝජනාවක් බව ඇමති සජිත් ප්‍රේමදාස පවසයි.
මෙය ප්රජාතන්ත්රවාදී රටක් බවත් ජනතාවගේ ඡන්ද අයිතිය මේ ආකාරයට උදුරා ගැනීමට මේ ආකාරයට කටයුතු කළ හැකි දැයි හෙතෙම ප්‍රශ්න කරයි.
විධායක ජනාධපති ධුරය අහෝසි කළ යුතු නම් එය මීට පෙර කැබිනට් මණ්ලයේ දී සාකච්ඡාවට නොගත්තේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.
මේ සියලු යෝජනා පිටුපස ඇත්තේ සජිත් භීතිකාව යයි තමාට සිතෙන බව ද මෙය මහා නිවට බියගුළු ක්‍රීයාවක් බව ද හෙතෙම අවධාරණය කළේය.
මෙම යෝජනාව අද උදේ කැබිනට් හමුවට ඉදිරිපත් කර තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ විසිනි.