මුහුදු මහා විහාරයේ ඉඩම් මැනීමට එරෙහිව රිෂාඩ්ගේ පක්ෂයෙන් දිගටම බාධා! මැනීම් කටයුතු නතර කරන්නැයි පොතුවිල්හි උද්ඝෝෂණ!

June 20, 2020 at 11:05 pm | by emanisa.lk

මුහුදු මහ විහාරයේ ඉඩම් බලහත්කාරයෙන් මැනීම නිසා එම ප්‍රදේශයේ අවුරුදු ගණනාවක් ජීවත් වූ ජනතාව කුලප්පු වී ඇතැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

මෙවැනි මැනුම් කටයුතු සිදුකරන්නේ නම් ප්‍රදේශයේ ජනතාව ද තමන් වැනි දේශපාලන නායකයන් ද දැනුම්වත් කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහල් වංචාවක් සම්බන්ධයෙන් කට උත්තරයක් ලබාදීමට පැමිණ පිටව යන අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කළේය.

මේ අතර මුහුදු මහ විහාරයේ මැනුම් කටයුතු සඳහා දිගින් දිගටම බාධා කරන්නේ රිෂාඩ් බදියුදීන්ගේ පක්ෂයෙන් දිගාමඬුල්ල දිස්ත්‍රික්කය සඳහා තරඟ කරන අපේක්ෂකයකු විසින් සංවිධානය කළ කණ්ඩායමක් බව වාර්තා වෙයි.

එම මැනුම් කටයුතු නවතා දමන ලෙස මෙම අපේක්ෂකයා පිරිස් කැඳවා පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට ද උද්ඝෝෂණය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස