මුහුදුමහ විහාරයේ සංරක්ෂණ කටයුතු සතියක් ඇතුළත අරඹනවා! එම කටයුතු මෙතෙක් ප්‍රමාද වුණේ පහුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය මැදිහත් වීමක් නොලැබුණු නිසායි! – පුරාවිද්‍යා අධ්‍යක්ෂ

May 28, 2020 at 1:35 pm | by emanisa.lk

මුහුදු මහා විහාරයට අයත් ඉඩම් හඳුනා ගැනිමටත් සතියක් ඇතුළත කැනිම් කටයුතු ආරම්භ කිරීමටත් අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් ‍සෙනරත් දිසානායක පවසයි.

පොතුවිල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති වරකාපොළ ඉන්ද්‍රසිරි හිමි සමග එම විහාරස්ථානයේ පැවති සාකච්ඡාවකට පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙම සාකච්ඡාව සිදුවූයේ අම්පාර පොතුවිල් මුහුදු මහා විහාරස්ථානයේ ඉඩම් සම්බන්ධයෙන් පැනනැගි ඇති ගැටළු පිළිබඳ සොයා බැලිමට සංස්කෘතික සහ ආගමික කටයුතු අමාත්‍යංශයේ අතිරේක ලේකම් විජිත නන්දන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල් සෙනරත් දිසානායක සහ මිනින්දොරු දෙපාර්තමේන්තුවේ අතිරේක මැනුම් අධ්‍යක්ෂක ඒ. දිසානායක ඊයේ (27) එම විහාරස්ථානයට ගිය අවස්ථාවේය.

මෙම ගැටලුව විසදිමට මෙතෙක් ප්‍රමාද වුයේ පසුගිය ආණ්ඩු සමයේ රාජ්‍ය මැදිහත්වීමක් නොමැති නිසා බවද
අද වන විට රජයේ මැදිහත්වීම තිබෙන නිසා මෙම ගැටලුව විසඳීමට පුරාවිද්‍යා දෙපාර්මේන්තුවට හැකියාව පවතින බවද සෙනරත් දිසානායක වැඩි දුරටත් සඳහන් කළේය.

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත මුහුදු මහ විහාරයේ ආරක්ෂාව සඳහා වෙනම නාවික හමුදා ඒකකයක් විහාර භූමියේ පිහිටුවා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස