අන්තවාදීන්ට පරණ සෙල්ලම් දැන් බෑ! මුහුදු මහා විහාරයේ ඉඩම් කොටුකර ගැසූ කම්බි වැට ගලවා විසිකරයි!

May 13, 2020 at 12:09 am | by emanisa.lk

මුහුදු මහා විහාරයේ ඉඩම් අල්ලා කොටුකර ගැසූ කටු කම්බි වැටවල් ගලවා ඉවත් කර දැමීමට අද (12) එහි ගිය වෙරළ සංරක්ෂණ නිලධාරීන් කටයුතු කළහ.

පසුගිය සමයේ නැඟෙනහිර පළාතේ පිහිටි මුහුදු මහ විහාරයේ ඉඩම් අන්තවාදීන් විසින් විශාල වශයෙන් කොල්ල කෑ අතර කොරෝනා රෝග තත්ත්වය උත්සන්න වීමත් එය නැවත ආරම්භ කර තිබිණි.

මාධ්‍ය ඔස්සේ මේ බව අනාවරණය කිරීමත් සමග අදාළ තත්ත්වය පිළිබඳ සොයා බලන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇමති එස්.එම්. චන්ද්‍රසේනට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව වෙරළ සංරක්ෂණ නිලධාරීන් සමග එහි පැමිණි ඇමතිවරයා අදාළ තත්ත්වය නිරීක්ෂණය කර තහවුරු කර ගෙන තිබේ.

අනතුරුව අදාළ වැටවල් ගලවා ඉවත් කර ගන්නා ලෙස වෙරළ සංරක්ෂණ නිලධාරීන් උපදෙස් ලබා දුන්න ද ඒ සඳහා කිසිවකු ඉදිරිපත් නොවූ අතර අනතුරුව අද වෙරළ සංරක්ෂණ නිලධාරීන් පැමිණ වැට ගලවා දමා තිබේ.

මේ පිළිබඳ පොලිසිය කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති අතර ඊට වගකිව යුතු අපරාධකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවත් එය මහේස්ත්‍රාත්වරයකුට ඇප ලබා දිය නොහැකි බරපතළ වරදක් බවත් වෙරළ සංරක්ෂණ හා වෙරළ කළමනාකරණ දෙපාර්ත්මේන්තු අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස