ඉරාජ් වීරරත්න සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ අධ්‍යක්ෂ මණ්ඩලයට!

January 14, 2020 at 5:14 pm | by emanisa.lk

නව පරපුරේ කලාකරුවකු වන ඉරාජ් වීරරත්න ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස පත්කර තිබේ.

අවුරුද්දක කාලයක් සඳහා මෙම පත්කිරීම සිදුකර ඇත්තේ ඇමති ප්‍රසන්න රණතුංග විසිනි. ඔහු බ්‍රිතාන්‍ය නෝතම්බියා විශ්වවිද්‍යාලයේ (Northumbria University) ව්‍යාපාර හා ගිණුම්කරණය පිළිබඳ උපාධිධාරියෙකි.

ඉරාජ් වීරරත්න ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය උදෙසා සමාජමාධ්‍යවල විශාල වැඩ කොටසක් කළ අයෙකි. එහි ප්‍රතිඵලය ලෙස ඔහුගේ ෆේස්බුක් ගිණුම පවා වාරණයට ලක්විය.

එසේම මුහුදු මහා විහාරය, කුරගල ආදී උතුරු නැඟෙනහිර බෞද්ධ උරුමය විනාශ වීමේ අවධානම පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීමට ද කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස