ආණ්ඩුව ව්‍යවස්ථාවට ගරු කරමින් බෞද්ධ උරුමය සුරක්ෂිත කරයි! මුහුදු මහ විහාරයේ ආරක්ෂාවට නාවික හමුදා ඒකකයක්! විහාරයේ වැලි කැටයක් කිසිවෙකුට අයිති කරගන්න ඉඩ නොදෙන බවට ආරක්ෂක ලේකම්ගෙන් සහතිකයක්…

May 15, 2020 at 8:22 am | by emanisa.lk

පොතුවිල් මුහුදු මහ විහාරයේ ආරක්ෂාව සඳහා නාවික හමුදා ඒකකයක් විහාර භූමියේ ස්ථාපිත කිරීමට ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න නියෝග කර තිබේ.

ජනාධිපති ගෝඨභය රාජපක්ෂගේ උපදෙස් අනුව ආරක්ෂක ලේකම්වරයා මේ සඳහා අදාළ නියෝග නිකුත් කර තිබේ.

නැඟෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ ඉල්ලීමක් අනුව ආරක්ෂක ලේකම්වරයා විහාරයේ නිරීක්ෂණ චාරිකාවකට ද එකතු වූ අතර ඒ සඳහා හමුදාපති, නාවික හමුදාපති සහ වැඩ බලන පොලිස්පති ඇතුළු පිරිසක් ද එකතු වූහ.

විහාරයේ අක්කර 72ක් වන භූමියෙන් අක්කර 58ක් පමණ බලහත්කාරයෙන් අල්ලා ගැනීම පිළිබඳ ආරක්ෂක ලේකම්වරයාගේ අවධානය යොමු වී ඇති අතර එම ඉඩම් නැවත පවරා ගැනීමට කටයුතු කරන බව ද සඳහන් කර තිබේ.

එසේම විහාරයේ වැලි ඇටයක් හෝ කිසිවෙකුට බලහත්කාරයෙන් ලබා ගැනීමට ඉඩ නොතබන බවට ආරක්ෂක ලේකම්වරයා එහිදී අවධාරණය කළේය.

පසුගිය සමයේ විහාරයේ ඉඩම් අන්තවාදීන් සිය ග්‍රහනය⁣ට ගත් අතර ඒවා ජයභූමි ඔප්පු තනා එකිනෙකා බෙදා⁣ගෙන ඇතැයි ද වාර්තා වෙයි.

මේ ආකාරයට විහාරයෙන් උදුරා ගත් ඉඩම් නැවත පවරා ගෙන ඒවා ගැසට් කිරීම ද උපදෙස් ලබා දී තිබේ.

පසුගිය ආණ්ඩුව සමයේ විහාරස්ථානයට දානය ලබා දීම ද නාවික හමුදාවට තහනම් කර තිබිණි.

දීඝවාපි විහාරයේ ද නිරීක්ෂණ චාරිකාවකට එකතු වූ ආරක්ෂක ලේකම්වරයා එම විහාරයේ බලෙන් අත්පත් කරගෙන ඇති ඉඩම් නැවත පවරා ගන්නා බව ද සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස