මිහින්තලේ උප සභාපතිට එරෙහි ළමා අපචාර චෝදනා බොරු….! ඔහු වසර ගණනක් තිස්සේ ප්‍රතිකාර ලබන ලිංගික බෙලහීනයෙක්….! – සැකකරුගේ නීතීඥ…..

July 2, 2021 at 7:52 am | by emanisa.lk

බම්බලපිටිය ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක කාමරයක් තුළ දී 15 හැවිරිදි බාල වයස්කාර දැරියක් දූෂණය කිරීම හා ලිංගික අපයෝජනය කිරීම යන චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති ලලිත් එදිරිසංහ ලබන 15 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත‍්‍රාත් ලෝචනී අබේවික‍්‍රම ඊයේ (01) පස්වරුවේ නියෝග කළාය.

එම සැකකරු ආවරණය කොට හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා එදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළාය.

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර එම දැරියව ලිංගික කටයුතු සඳහා විවිධ පුද්ගලයන්ට මුදලට අලෙවි කිරීම, ඒ සඳහා ආධාර අනුබල දීම ඇතුළු චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබූ ව්‍යාපාරිකයකු ඇතුළු තවත් සැකකරුවන් සිව්දෙනකු ද එදින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට ද අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එහිදී වැඩිදුරටත් නියෝග කළාය.

සැකකාර උප සභාපතිවරයා කොළඹට පැමිණි අවස්ථාවකදී තැරැව්කරුවකු මාර්ගයෙන් එකී දැරිය හෝටල් කාමරයකට රැගෙන ගොස් ඇති බවත් මන්ත්‍රීවරයකු ලෙස හඳුන්වා දුන් එම පුද්ගලයා එම කාමරය තුළ දී තමා සමග ලිංගිකව හැසිරුණ බවත් පසුව ඔහුගේ ජංගම දුරකථන අංකය පවා ලබා දුන් බවත් දැරිය ප‍්‍රකාශ කළ බව කාන්තා හා ළමා කාර්යංශය අධිකරණයට පෙන්වා දුන්නේය.

සැකකාර උප සභාපතිවරයා දේශපාලන කටයුතු සඳහා කොළඹට පැමිණෙන අවස්ථාවල දී හෝටල්වල නවාතැන් ගන්නා බව පිළිගන්නා මුත් ඔහුට එරෙහිව නගන චෝදනාව තරයේ ප‍්‍රතික‍්ෂේ කරන බව ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ටෙරි ප‍්‍රනාන්දු පැවසීය. ලිංගික බෙලහීනතාවකින් පෙළෙන ඔහු ඒ සඳහා වසර දෙකකට ආසන්න කාලයක් තිස්සේ වෛද්‍ය ප‍්‍රතිකාර ලබන බවත් එය සනාථ කළ හැකි වෛද්‍ය සහතික ඉදිරිපත් කිරීමට සූදානම් බව ද එහිදී අධිකරණයට පැවසූ නීතිඥවරයා හඳුනා ගැනීමේ පෙරට්ටුව අද (02) දිනයේ පවත්වන ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

පැමිණිල්ල නගන චෝදනාව සනාථ කිරීමට අවශ්‍ය කිසිදු ප‍්‍රවර්ධන සාක්‍ෂියක් හෝ පරිවේෂණීය සාක්‍ෂියක් ඉදිරිපත් කොට නොමැති බැවින් එම චෝදනාවේ කිසිදු නෛතික වලංගුභාවයක් නොමැත්තේ යැයි ද නීතිඥවරයා පැවසූ අතර දෙදෙනකු අතර කාමරයක් තුළ දී සිදු වූ යමක් සම්බන්ධයෙන් ප‍්‍රවර්ධන සාක්‍ෂියක් ඉදිරිපත් කළ හැක්කේ දැයි අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය විත්තියේ නීතිඥවරයාගෙන් විමසා සිටියාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස