කොඩිකන්දේ හිමි ඝාතනය පිටුපස ළමා අපචාරයක්….! සාමනේර ලිංගික අතවර වීඩියෝ කර මවට යවලා…!

January 5, 2021 at 3:28 pm | by emanisa.lk

මහත් ආන්දෝලනයට ලක්ව ඇති කොඩිකන්දේ 65 හැවිරිදි භික්ෂුවක් ඝාතනය පිටුපස ළමා අපචාර සිද්ධියක් ඇති බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී තිබේ.

මෙම ලිංගික අතවර ගොදුරු වී ඇත්තේ හොරණ ප්‍රදේශයේ සිට පැමිණ මහණ වූ 13 හැවිරිදි සාමනේර හිමි නමකි. මෙම සාමණේර හිමිනම ආරණ්‍ය සේනාසනයේ දී නිතර ලිංගික අපයෝජනයට ලක්වූ බව විමර්ශනවලින් හෙළි වී ඇත.

සාමණේර හිමි නම මෙම සිදුවීම් ඡායාරූප සහ වීඩියෝ ගත කර තම මවට ලබාදීමට කටයුතු කර තිබිණි. තම දරුවාට අත්වන අතවරයන් ගැන දැඩි ලෙස කෝපයට පත්වූ මව කිසියම් පිරිසක් වෙත ලබාදුන් කොන්ත‍්‍රාත්තුවක් මත ධම්මසිරි හිමියන් පැහැර ගෙන ඝාතනය කර ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදාළ සාමනේර හිමියන්ගේ මව පියා ඇතුළු සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස