සියලු රාජ්‍ය පෞද්ගලික අංශ සේවකයින්ගේ ලිපින දුරකතන අංක දෙදිනක දී යාවත්කාලීන කරන්න! – පොලිසිය

October 13, 2020 at 11:51 am | by emanisa.lk

සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයින්ගේ වත්මන් ලිපිනයන් හා දුරකථන අංක යාවත්කලින කිරීමට පියවර ගන්නා ලෙස ආයතන ප්‍රධානින්ගෙන් ඉල්ලීමක් කරන බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

මේ වන විට රටේ උද්ගතව ඇති සෞඛ්‍ය තත්ත්වය මත මෙම දත්ත යාවත්කාලින කිරීම ඉතා වැදගත් බවත් එය ඉදිරි දින 03 තුළ දී සිදුකළ යුතු බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

“බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ ඇති වූ කොරෝනා ව්‍යාප්තිය එහි සේවක සේවිකාවන්ගේ ලිපිනයන් සහ දුරකථන අංක සොයා ගැනීමට ආරක්ෂක අංශ සහ සෞඛ්‍ය අංශ දැඩි ගැටළු කිහිපයකට මුහුණ දුන්නා.
බොහෝ දෙනා රැකියාවට එන විට පදිංචිව සිටින ස්ථානයේ දැන් පදිංචිය නැහැ. ඒ වගේ ම ඔවුන්ගේ දුරකථන අංක පවා වෙනස් වෙලා. මේ හේතුවෙන් මේ පියවර ගන්න කියලා අපි සියලු ආයතන ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස