මාතර බුද්ධික චතුර ඉදිරියෙන්! මංගලට දිනන්න තබා හිතන්නත් බෑ! – මංගල සමරවීර ඉල්ලා අස් වූ සැබෑ හේතුව මෙන්න…

June 11, 2020 at 4:23 pm | by emanisa.lk

එළඹෙන මහ මැතිවරණයේදී තරග බිමෙන් ඉවත්වීමට මංගල සමරවීර තීරණය කරන ලද්දේ ස්ථිරවම එම මැතිවරණයේදී ඔහු පරාජය වන බව දන්නා නිසා බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මාතර දිස්ත්‍රික්කයෙන් මහජන නියෝජිතයින් අටදෙනෙක් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට නියමිත අතර ඉන් 3ක් සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර බෙදී යනු ඇත. එහෙත් ඊට සමරවීරට ඇතුලත් වීමට තරම් අවශ්‍ය මනාප නොලැබෙන තත්ත්වයක් මතුව තිබේ.

බෞද්ධ පසුබිමක් ඇති මාතර දිස්ත්‍රික්කයේ ජනතාව අතර මංගල සමරවීරගේ බෞද්ධ විරෝධී ස්ථාවරයට ඇත්තේ දැඩි අප්‍රසාදයකි. එසේම එජාපය දෙකඩ වීම සහ මුදල් ඇමතිවරයා ලෙස ද ඔහු අප්‍රසාදයට පත් නිසා ජයග්‍රහණය කිරීම අපහසු වී තිබේ.

1989 සිට මහ මැතිවරණ 7කට මුහුණ දී ඉන් ජයග්‍රහණය කර ඇති සමරවීර ඉන් පහක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය සමඟ ද ඉතිරි දෙක එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය සමඟ එකතු වී තරග කළේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන බුද්ධික පතිරණ හා හිටපු දකුණු පළාත් සභා පළාත් සභා මන්ත්‍රීවරයකු වන චතුර ගලප්පත්ති මෙවර මාතර දිස්ත්‍රික්කයට සමගි ජන බලවේග ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වනු ඇති බවට විශ්වාස කෙරේ. චතුර ගලප්පත්ති මහතා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජස්ටින් ගලප්පත්ති මහතාගේ පුත්‍රයාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස