මංගල දේශපාලනයෙන් සමුගන්න කතා බොරු! එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් මංගලට!

June 11, 2020 at 8:41 am | by emanisa.lk

මෙවර මහ මැතිවරණයේදී තමාට ඡන්දය නොදෙන ලෙස ඉල්ලු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීරට එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් හෝ ලබා දිය යුතු බවට යෝජනා වී ඇතැයි එජාපයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

සමගි ජන බලවේගයේ පවතින පරස්පර මතවාද හේතුවෙන් මංගල සමරවීර මැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන්නට ඇති බවටත්, එබැවින් ඔහු නැවතත් එක්සත් ජාතික පක්‍ෂය සමග සම්බන්ධ කර ගත යුතු බවටත් මේ වන විට යෝජනා රැසක් ලැබී ඇතැයි ද වාර්තා වෙයි.

මංගල සමරවීරගේ එක්සත් ජාතික පක්‍ෂ සාමාජිකත්වය තවමත් අහෝසි කර නොමැති අතර හෙතෙම එජාපය සමග සෘජුවම සම්බන්ධ නොවුණහොත් ඉදිරියේදී ඔහු ගන්නා දේශපාලන තීන්දු සඳහා එජාපයේ සහයෝගය ලබා දිය යුතු බවට ද මේ වන විට අදහස් ද මේ වන විට එජාපය තුළ සාකච්ඡා වන බව දැනගන්නට ලැබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස