සමගි බලේ බල කනුවක් ගැලවෙයි! මංගල ඡන්දෙට එන්නේ නෑ!

June 9, 2020 at 4:54 pm | by emanisa.lk

සමගි ජන බලවේගය පක්ෂයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා නාමයෝජනා බාර දුන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර තමා ඉදිරි මැතිවරණයට ඉදිරිපත් නොවන බව පවසයි.

එක්සත් ජාතික පක්ෂ රනිල් පාර්ශ්වය නියෝජනය කළ මංගල සමරවීර අනතුරුව සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගයට එකතු විය.

සමගි ජන බලවේග ලැයිස්තුවේ සිය නම සඳහන් වුවද තමන්ට මනාප සලකුණු නොකරන ලෙස හෙතෙම අද ඉල්ලා සිටියේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජන වර්ග අතර අසමගිය ඇති කරමින් කෙටිකාලීන දේශපාලන දැක්මක් ඇතිව කටයුතු කරන බවත් ඊට මුහුණ දීම සඳහා කටයුතු නොකර එජාපය දෙකට බෙදී ඇති බවත් හෙතෙම පවසයි.

මංගල සමරවීර මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට නාම යෝජනා භාර දුන්න ද පසුගිය ආණ්ඩු සමයේ භික්ෂඋන් වහන්සේලාට අපහාස කිරීම ආදි හේතු නිසා මෙවර ජයග්‍රහණය කළ හැකි වාතාවරණයක් නොමැති බවට මීට පෙර මත පළ වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස