මහින්ද තරම් ප්‍රභාකරන්වත් පාර්ලිමේන්තුවට හානි කළේ නෑ! – කිරිඇල්ල

July 8, 2019 at 6:17 pm | by emanisa.lk

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවට කළ හානිය ප්‍රභාකරන්වත් නොකළ බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසයි. 1948 සිට පාර්ලිමේන්තුවේ කිසි දිනක ඔක්තෝබර් 26ට පසු ඇති වූ ආකාරයේ සිදුවීම් නොවූ බව හෙතෙම පවසයි.

මහින්ද රාජපක්ෂ රටේ ණය ප්‍රමාණය ගෙවාගත නොහැකි නිසා බියට පත්ව අවුරුදු දෙකකට කලින් ජනාධිපතිවරණයට ගිය බවත් යහපාලන ආණ්ඩුව එම ණය ගෙවා ජාත්‍යන්තර විශ්වාසය දිනාගත් පසු නැවත එය කඩාකප්පල් කිරීමට ඔවුන් සූදානම් වන බවත් ඇමතිවරයා සඳහන් කළේය.

සෙංකඩගල මහාකන්ද මොබ්‍රේවත්ත මාර්ගය හා සමාධි මාවත ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇමතිවරයා මෙම අදහස් දැක්වූයේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස