කැබිනට් අමාත්‍ය ධුර වැඩි කරන ජාතික ආණ්ඩු යෝජනාව කතානායකට!

February 1, 2019 at 9:41 am | by admin

පාර්ලිමේන්තුවේ ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සදහා වූ යෝජනාවක් සභානායක ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතා වෙත බාර දී තිබේ.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට නියමිතය. 30 සීමාවේ පවතින කැබිනට් අමාත්‍ය ධූර සංඛ්‍යාව තවත් වැඩි කර ගැනීමට මෙයින් ඉඩ ලැබෙයි.

එක්සත් ජාතික පක්‍ෂය හා පාර්ලිමේන්තුව නියෝජනය කරන වෙනත් පක්‍ෂයක් එක්ව මෙම ජාතික ආණ්ඩුව පිහිටුවනු ඇතැයි වාර්තා වෙයි. මෙහි දී ජාතික ආණ්ඩුව තැනීම එක් විකල්පයක් වන්නේ තනිව තරඟ කර එක් ආසනයක් දිනූ මුස්ලිම් කොංග්‍රස් අසුන භාවිත කිරීමය. එලෙස ව්‍යවස්ථාවේ හිල්වලින් රිංගා ජාතික ආණ්ඩුවක් තැනීමට කටයුතු කළහොත් මහින්ද රාජපක්ෂ සමග වුව එකතු වී ඊට එරෙහි වන ජනතා විමුක්ති පෙරමුණ අනතුරු අඟවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *