මගේ අපේක්ෂකයා ජනාධිපතිවරණය නියත වශයෙන්ම දිනනවා! රටවල් දෙකම එකිනෙකාගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි!- මහින්ද ඉන්දියාවේ දී කියයි.. (video)

February 10, 2019 at 2:53 am | by admin

ඉදිරි ජනපතිවරණයට තමන්ට ඉදිරිපත්විය නොහැකි නමුත් තමා ඉදිරිපත් කරන අපෙක්ෂකයා ජය ගන්නා බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දියාවේ ද හින්දු පුවත්පත සංවිධානය කරන වැඩමුළුවකට එක්වෙමින් එහි ආරාධිත දේශනය පැවැත්වීමෙන් අනතුරුව පැවැති ප්‍රශ්න වටයේදී ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව සඳහන් කළේය.

එම අපේක්ෂකයාගේ ජයග්‍රාහණයෙන් පසුව පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කටයුතු කරන බව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කර තිබේ.

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආරාධනයෙන් අගමැතිධුරය භාර ගැනීම මගින් ආණ්ඩුවේ තුනෙන් දෙකක බහුතරය හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය අතර පැවැති දීගය අවසන් කිරීමට හැකි වූ බවත් ඔහු පැවැසීය.

එසේම මෙම දේශනයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විම දෙරටේම යුතුකමක් බව සඳහන් කළ විපක්ෂ නායකවරයා දෙරටේ නායකයන් අතර මනා සන්නිවේදනයක් ඇති කිරීම සඳහා සිය ආණ්ඩුව සමයේ ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළ නැවත අනාගත ආණ්ඩුවක් යටතේ ආරම්භ කරන බව ද සඳහන් කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස