මහර රැඳවියන් මැරුණේ එකිනෙකා ඇනකොටා ගෙන! ගැටුමේ දර්ශන මාධ්‍යයට දෙමින් බන්ධනාගාර ප්‍රධානියා කියයි!

December 2, 2020 at 9:27 pm | by emanisa.lk

පසුගිය දා මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධියෙන් පිරිසක් ජීවිතක්ෂයට පත්වූයේ රැඳවියන් අතර ඇති වූ ගැටුමින් බව මහර බන්ධනාගාර කොමසාරිස් ජගත් ගුරුසිංහ ප්‍රකාශ කරයි.

සිරකඳවුරේ ප්‍රධාන දොරටුව බිඳ ගෙන පළා යාමට උත්සාහ කිරීමේ දී තම නිලධාරීන්ට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට සිදු වූ බවත් එමගින් කිහිප දෙනෙකු තුවාල ලබන්නට ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

එසේ කටයුතු නොකර මෙම දෙදහසක පමණ පිරිස කොරෝනා ආසාදිතයන් ද සමග සමාජගත වූයේ නම් අතිවිශාල විනාශයක් විය හැකිව තිබූ බවත් හෙතෙම පෙන්වා දුන්නේ ය.

ඒ පිළිබඳ සියලු තොරතුරු ඉදිරියේ දී හෙළිදරව් කරන බවත් ගැටුම සමථයකට පත්කිරීම සඳහා ගත හැකි උපරිම පියවර තම පාර්ශ්වය විසින් ගත් බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

මහර බන්ධනාගාරයේ PCR පරීක්ෂණ 2000ක් පමණ කළ බවත් එසේ නොකළ නිසා ගැටුම් ඇති වූ බවට කරන ප්‍රකාශවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස