මහර රැඳවියන් ගබඩාව බිඳ ඖෂධ බීලා! පස්සේ ඔවුනොවුන් ගහමරා ගත්තා! – අජිත් රෝහණ

December 1, 2020 at 2:43 pm | by emanisa.lk

මහර බන්ධනාගාරයේ රැඳවියන් කලහකාරී ලෙස කටයුතු කර ඇත්තේ එහි බෙහෙත් ගබඩාව බිඳ එහි තිබූ විවිධ වර්ගයේ ඖෂධ භාවිත කිරීම හේතුවෙන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ පවසයි.

අද (01) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්, අජිත් රෝහණ කියා සිටියේ එම ගැටුම්කාරී තත්ත්වය ඇති කිරීමට මුල් වී ඇත්තේ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එල්ල වී ඇති රිමාන්ඩ් රැඳවියන් බව ය.

ඖෂධ ගබඩාවේ මානසික ආතති ඖෂධ පෙති සහ නිද්‍රාජනක ඖෂධ පෙති 21,000 පමණ තිබී ඇති අතර එම පෙති භාවිත රැඳවියන් භාවිත කර තිබේ. දැනට තුවාල ලබා රෝහල්ගත කර සිටින සමහර රැඳවියන් ඒ හේතුවෙන් ව්‍යකූලත්වයෙන් හැසිරෙන බව ද සඳහන් වෙයි.

මෙම පෙති වර්ග ලබාගැනීමෙන් පසු ඔවුනොවුන් ඇනකොටා ගැනීම් ද වාර්තා වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
ඖෂධ පෙති මෙපමණ ප්‍රමාණයක් එම බන්ධනාගාර රෝහලට ගෙන ආවේ කුමන හේතුවක් මත ද යන්න පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත් වීමට නියමිත බව ඔහු පැවසීය.

කලහකාරී ලෙස හැසිරුණු රැඳවියන් විසින් බන්ධනාගාර දේපලවලට දැඩි හානි කර ඇති බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *