මහර ගැටුම බිහිසුණු කුමන්ත්‍රණයක්! රැඳවියන්ට සිහිවිකල් වන පෙත්තක් බෙදලා!

November 30, 2020 at 2:21 pm | by emanisa.lk

මහර බන්ධනාගාරය තුළ ගැටුම ප්‍රබල කුමන්ත්‍රණයක් විය හැකි යයි ජාතික නිදහස් පෙරමුණේ නායක ඇමැති විමල් වීරවංශ සඳහන් කරයි.

2015ට කලින් පැවති රජයේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ලෙස කටයුතු කරද්දී වැලිකඩ බන්ධනාගාරයේ ද රැඳිවියන් ඝාතනයට ලක්වූ බවත් පැවසූ ඇමැතිවරයා වර්තමානයද ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටියදී රැඳවියන් ඝාතනයට ලක්වන බව ලෝකයට පෙන්වීමට මෙම ගැටුම කුමන්ත්‍රණයක් ලෙස මතුව ඇතැයි ද සඳහන් කරයි.

කිසියම් පිරිසක් විසින් සෙසු රැඳවියන් අතර යම් සරප් හෙවත් රිවස් නම් පෙති වර්ගයක් බෙදා දී ඇති බවත් රැඳවියන් ප්‍රචණ්ඩ තත්ත්වයට පත්වී ඇත්තේ ඉන්පසු බවත් ඔහු තව දුරටත් කියා සිටියේ ය. මෙම පෙති පානය කළ විට රුධිරය දැකීමේ බලවත් ආශාවක් ඇති වන බවත් ඇමැතිවරයා සඳහන් කළේ ය.

මෙම කුමන්ත්‍රණය වැලිකඩ බන්ධනාගාරයේ දියත් කිරීමට සැලසුම් කරන විට එය බුද්ධි අංශ විසින් අනාවරණය කර ගෙන වැළැක් වූ බවත් ඒ පිටුපස සිටියේ සමයං නම් අපරාධකරුගේ ගෝළයකු වන චතුරංග බවත් හෙතෙම අනාවරණය කළේ ය.

අද (30) පාර්ලිමේන්තුව අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *