වැඩබැරි ටාසන්ලා අහිංසක රැඳවියන්ට වෙඩි තැබුවා! පාලනාධිකාරිය ඝාතනයට වගකිව යුතුයි!

November 30, 2020 at 9:25 am | by emanisa.lk

මහර බන්ධනාගාරයේ මතු වූ ගැටුම්කාරී තත්ත්වයට සම්පූර්ණයෙන් වගකිව යුත්තේ එම බන්ධනාගාර පාලනාධිකාරිය බව සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් සුදේශ් නන්දිමාල් ද සිල්වා පවසයි.

එහි රැඳවියන්ට නිසි ලෙස ආහාර පානා ඖෂධ පවා නොදී පහර දෙමින් අමානුෂික පාලනයක් ගෙන ගිය බවත් මතුව ඇති තත්ත්වයට හේතුව එම පීඩනය පුපුරා යාම බවත් ඔහු පවසයි.

ඉහළ නිලධාරීන් අත්තනෝමතික තීන්දුවක් ගෙන වහලය මත රැඳී සිටි රැඳවියන්ට වෙඩි තැබීම නිසා විශාල ගැටුමක් නිර්මාණය වූ බවත් එම බන්ධනාගාරයේ ප්‍රධානියා මෙන් ම බන්ධනාගාර කොමසාරිස්වරයා ද වහා ම සිය ධුරවලින් ඉවත් විය යුතු බව හෙතෙම වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *